ඕස්ට්‍රේලියාව වෙත ගෙවිය යුතුව තිබුණු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය ගෙවීමේ දී කර තිබුණු වංචාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ සහ උදය ගම්මන්පිල ඇතුළු පොහොට්ටු සුන්බුන් කල්ලිය ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාවේ වාර්තාවෙන් පැහැදිලි වී තිබේ.
එම මූල්‍ය වංචාව පිළිබඳව අනාවරණය වූ විගස සුන්බුන් කල්ලියේ විවිධ ප්‍රකාශකයන් එම මුදල් පැලවත්තට ඇද ඇති බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියහ. එපමණක් නොව, මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඛේදනීය ලෙස මියගිය පසුබිමක ඔහුගේ පවුලේ සාමාජිකයින් පවා පාදඩ දේශපාලන ප්‍රචාර සඳහා යොදා ගනු ලැබීය.
එහෙත්, පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකුගෙන් සමන්විත රජයේ මුදල් කාරක සභාව ඊයේ (10) මේ පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවෙන් එම මූල්‍ය අපරාධය පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය කර තිබේ. එම මූලික කරුණු අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාජ විද්‍යුත් ලිපිනයන් හඳුනා ගැනීමට අසමත් වීම, මුදල් අමාත්‍යංශයේ යල් පැන ගිය තොරතුරු තාක්ෂණ පද්ධතිය, එම අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය නිසි පරිදි පවත්වා නොගැනීම පිළිබඳ ජේෂ්ඨ නිලධාරීන්ගේ නොසැලකිල්ල, අකාර්යක්ෂමතාවය පුළුල් පරාසයකට පැතිරී තිබීම සහ මෙම මුදල් ගෙවීමට අදාළව විශේෂ විගණන විමර්ශනයක් සිදු කළ යුතු බව ආදී වශයෙන් මූලික කරුණු අවධාරණය කර ඇත.










