කොළඹ කොටුව ක්රිෂ් ට්රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්ය අක්රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, විභාගය සඳහා නොවැම්බර් මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඒ මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී, විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්රමවේදය යටතේ අදාළ නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු විසින් නියෝගයක්ද නිකුත් කර ඇති බව සඳහන් වේ.
Views: 0










