චීනයට ගිය ජවිපෙ තරුණ නියෝජිතයින්ගේ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන ඇරඹෙයි…

චීනයට ගිය ජවිපෙ තරුණ නියෝජිතයින්ගේ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන ඇරඹෙයි…

ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් චීනයේ ගුවැන්ග්ෂි පළාතේ Baise – Executive Leadership Academy හිදී පැවැත්වෙන අධ්‍යාපන හා පුහුණු වැඩසටහනේ සමාරම්භය පසුගිය ජුනි 30 වන දින පෙරවරු 8.30ට ආරම්භ වී තිබේ.

එය බේස්හි විධායක නායකත්ව පුහුණු ආයතනයේ (Baise – Executive Leadership Academy) ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානයේ 05 වන ගොඩනැගිල්ලේදී සිදු කර ඇත.

මෙම අවස්ථාව සඳහා Guangxi – Baise Executive Leadership Academy ප්‍රධානීන් සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නියෝජිත කණ්ඩායම සහභාගි වී සිටිති.

මෙම වැඩසටහනේ සියළු සංවිධාන කටයුතු චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව, ගුවැන්ග්ෂි ස්වයංපාලිත ප්‍රදේශයේ ජාත්‍යන්තර කටයුතු කාර්යාලය සහ Guangxi – Baise Executive Leadership Academy අධ්‍යයන ආයතනය විසින් සිදු කරනු ලබයි.

සමාරම්භක උළෙල ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවැන්ග්ෂි බේස් විධායක නායකත්ව ඇකඩමියේ උප සභාපති ගාඕ යිසොන්ග්හි (⁠Gao Yisong – Vice President, Guangxi Baise Executive Leadership Academy), ජාත්‍යන්තර සන්නිවේදන සහ පුහුණු සංවර්ධන දෙපාර්තමේන්තුව (ආසියාන් පර්යේෂණ මධ්‍යස්ථානයේ) අධ්‍යක්ෂ, වේ ෂියාඕ (⁠Wei Xiao – Director, Department of International Communication and Training Development (ASEAN Research Center)) යන අයගේ මූලිකත්වයෙන් පවත්වා ඇත.

Facebook
Twitter
LinkedIn