හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහ් අත්අඩංගුවට ගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ නියමිත සුදුසුකම් වෙනස් කරමින් නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බැඳී රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුවට යැවීම සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශනවලට අදාළවය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුතිය 16 වනදා සහ 22 වනදා හිටපු නාවික හමුදාපතිට අල්ලස් කොමිස වෙත පැමිණෙන ලෙස දන්වා සිටියද ඔහු එහි නොපැමිණියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය 17 වනදා අත්අඩංගුවට ගැනුණු අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇප තුනක් මත මුදාහරිනු ලැබීය.
Views: 0










