SDIG වරුණ ජයසුන්දරට CIDයෙන් කැඳවීමක්…

SDIG වරුණ ජයසුන්දරට CIDයෙන් කැඳවීමක්…

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බව පැවසේ.

ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය සිදුකළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකින් ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට  ගත් ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්