සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට අර්ජුන් ඇලෝසියස් ලබා දී ඇති රුපියල් මිලියනක චෙක් පතක් මාරු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ප්‍රවෘත්ති ජාලවල විශේෂ අවධානයක් යොමු වී තිබේ.
බැඳුම්කර කොල්ලයේ මූලික වගඋත්තරකරුවෙකු වන අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් එම චෙක්පත දයාසිරි ජයසේකරට ලබා දී ඇත. 2015 ජූනි 15 වෙනි දින නිකුත් කරන ලද එම චෙක් පතෙහි අංකය 56663566 යනුවෙන් වාර්තා වේ.
මේ දිනවල දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අසාමාන්‍ය ලෙසින් වෛරී ප්‍රකාශ කරමින් කලබල වී සිටින්නේ එම චෙක්පත් හුවමාරුව පිළිබඳව යම් බියකින් පසුවන නිසා දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ප්‍රශ්න කරති.
838









