පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් මිල පහළට

පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් මිල පහළට

අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

එසේම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 25කින් අඩු කර ඇති බැවින් එහි නව මිල රුපියල් 382කි.

කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නැත.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 495කටත්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 478කටත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 285කටත් පෙර පැවති මිල ගණන් යටතේම තවදුරටත් අලෙවි කෙරේ.

Facebook
Twitter
LinkedIn