සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසට එරෙහි නඩුවේ වාචික දේශන අවසන් – තීන්දුව ජූලි 28

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසට එරෙහි නඩුවේ වාචික දේශන අවසන් – තීන්දුව ජූලි 28

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජිප් රථයක් හරස් කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධයට අදාළව පැවති නඩු විභාගයේ වාචික දේශන අද (25) අවසන් කර තිබේ.

ඒ අනුව එම නඩුවේ තීන්දුව ප්‍රකා කිරීම ලබන මස 28 වනදා තෙක් කල් තබා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් 2019 වසරේ පෙබරවාරි 10 හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයකින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් උරණවීමෙන් තමන් පසු කරගෙන ගිය ජීප්රථයේ මග හරස් කර එහි සිටි නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් නඩුව විභාග විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ගිනි අවි පෙන්වා පොලිස් නිළධාරීන්ට මරණ තර්ජනය එල්ල කළ බවටද එම දිනවල සඳහන් වී තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්