විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම් හා සංවිධානත්මක අපරාධ මෙහෙයවූ දෙදෙනකු වන පොඩි සුරේෂ් සහ සංඛ සමීර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු රුපියල් කොටි 10කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (19) වන දින රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගනේමුල්ල කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, විශේෂ කාර්ය බළකාය ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06, ග්‍රෑම් 288ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගත් මුදල්ද තොගයක්ද සැකකරු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
522










