අනුර යාපා ඇතුළු 07 කට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කරගැණීම අරඹයි…

අනුර යාපා ඇතුළු 07 කට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කරගැණීම අරඹයි…

හිටපු ඛනිජ තෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ සාක්ෂි සටහන් කරගැනීමෙ මේ දිනවල කොළඹ මහාධිකරණය හමුවේ සිදුවෙමින් පවතී.

ඒ එම නඩුව ඊයේ (19) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබු අතර එහි වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීමට ජූලි 10 වනදා යළි කැඳවීමට නියෝග කර ඇත.

මහින්ද රාජපක්ෂ පාලන සමය පැවති 2014 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සහ ජනවාරි මස 26 වැනිදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හයදස් එකසිය දහයක (රු. 6,146,110) මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එවක ඛනිජ තෙල් විෂය භාර ඇමති වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා, ඇමති පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

විත්තිකාර හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිස ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්