ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකරයි…

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකරයි…

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

මෙහි සෙසු චූදිතයන් වන්නේ සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන දෙදෙනාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් අසූඅටලක්ෂ පනස් දහසක් (රු. 8,850,000) වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක්ද ඇතුළත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්