පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්වලින් පීඩාවට පත් වූ පවුල් ගණන ඉහළ යමින් පවතින අතර, කෘෂිකාර්මික භූමි විනාශ වීම ද සැලකිය යුතු මට්ටමකට සිදු වී ඇති බව වාර්තා වෙමින් තිබේ.
විශේෂයෙන් ම පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 7,206ක සාමාජිකයින් 27,222ක් ආපදාවට ලක් වී ඇත. පුත්තලම රෝහල ජලයෙන් යට වී නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ද බලපෑමට ලක් වී තිබිණි. පුත්තලම දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වී ඇති අතර, ජන ජීවිතය අඩාලවීම් වාර්තා වේ.
අවපීඩන තත්වය දිවයිනෙන් ඈතට ගිය ද, ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් බලපෑම් සහගත වැසි සුළං සහ අකුණු ගැසීම් සිදු වනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
285










