පසුගිය අප්‍රේල් 10 වෙනි දින සිට 14 වෙනි දින දක්වා මාරක රිය අනතුරු 38ක් සිදු වී ජීවිත 42ක් අහිමි ව 300කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිස් නිල නිවේදවලින් හෙළි වී තිබේ.
මෙම අනතුරුවලට විශේෂයෙන් හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය බව ද අනාවරණය කර ඇත. වේග සීමා නොතකා යාම, වාහනය ධාවනයට සුදුසු තත්වයේ නොතිබීම සහ මාර්ග නීති කැඩීම වැනි හේතු නිසා ද මෙම අනතුරු සිදු වී ඇති බව පෙන්වා දී ඇත.
ඊට අමතරව, ගිනි කෙළි පාවිච්චි කිරීමේ දී සහ පුද්ගල ගැටුම් නිසා ද විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බව ද වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් නිල සංඛ්‍යා ලේඛන ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත ය.
1,049










