මාධ්‍ය ආයතන කිහිපයක් සහ විපක්ෂයේ කිහිප දෙනෙකු ගෙන ගිය තෙල් හිඟයක් ඇතිවීමේ ප්‍රචාරය මෙන් ම, මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමට වත්මන් රජය අනුගමනය කරන ටෙන්ඩර් ක්‍රියාමාර්ග දූෂිත බවට ප්‍රචාර ගෙන ගිය පිරිස සම්පූර්ණයෙන් ම නිරුවත් කෙරෙන පිළිතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊයේ (02) රාත්‍රියේ දී ලබා දෙනු ලැබීය.
දෙරණ 360 සජීවි දේශපාලන සංවාදයට එක් වෙමින් සියළු කරුණු සහිතව ගල් අඟුරු ආනයනය සම්බන්ධ විස්තර මහජනතාවට හෙළි කරනු ලැබීය. ටෙන්ඩර් පටිපාටියෙන් බාහිරව ඉහළ මිල ගණන්වලට ගල් අඟුරු ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති අන්දම අමාත්‍යවරයා මෙරට මහජනතාවට පැහැදිලි කළේය.
එම සංවාදයේ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.
647










