ව්‍යාපාරිකයෙකුගේ නිවසක් තුළ ගබඩා කර තිබුණු ඩීසල් ලීටර් 400ක් පොලිසියෙන් වටලයි

ව්‍යාපාරිකයෙකුගේ නිවසක් තුළ ගබඩා කර තිබුණු ඩීසල් ලීටර් 400ක් පොලිසියෙන් වටලයි

මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් උතුරු අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු තම නිවස තුළ ඩීසල් ලීටර් 400කට අධික ප්‍රමාණයක් ගබඩා කර ගෙන සිටියදී අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම ඩීසල් තොගය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුවය.

එම බළකායේ පූගොඩ කඳවුරේ නිලධාරීන් සහ මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී එම ඩීසල් තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට (03) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්