අයර්ලන්තයේ ප්‍රධාන වෘත්තීය සමිතියේ නායකයින් සහ ඇමති බිමල් අතර හමුවක්

අයර්ලන්තයේ ප්‍රධාන වෘත්තීය සමිතියේ නායකයින් සහ ඇමති බිමල් අතර හමුවක්

මේ දිනවල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීමකට අනුව යුරෝපයේ සංචාරයක යෙදී සිටින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක අයර්ලන්තයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන Servicer Industrial Professional and Technical Union (SIPTU) හි නායකයින් හමුවී තිබේ.

SIPTU වෘත්තීය සමිතිය ගොඩනගා ඇත්තේ අයර්ලන්තයේ පැවති ප්‍රධාන යූනියන් දෙකක් වන Irish Transport and Genaral Workers Union සහ Federated Workers Union of Ireland ඒකාබද්ධ වීමෙන්, කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සහ එම අයිතිවාසිකම් වැඩි දියුණු කරලීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහාය.

මෙම හමුවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව IMF සමඟ කටයුතු කරමින් රටක් ලෙස ආර්ථිකයත් සංවර්ධනය කර ගනිමින් යන ඉදිරි ගමන පිළිබදව ඔවුන් විමසා තිබේ. එමෙන්ම බෙදුම්වාදී සටනින් පසු උතුරේ මෙන්ම දකුණේත් වින්දිත ප්‍රජාවගේ හෙට දවස වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබදවත් පැවැති මැතිවරණන් හි දී උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැනත් මෙහිදී ඔවුන් විමසා තිබේ.

ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමෙහි ලා ආසන තුනක් සමග මැතිවරණයට ඉදිරිපත්ව ආසන 159ක් දක්වා වර්ධනය කර ගත් ආකාරය ගැනද ඔවුන් වැඩි දුරටත් විමසීම් කර ඇත.

මෙම හමුව සඳහා SIPTU හි නියෝජ්‍ය මහ ලේකම් එතෙල් බක්ලි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn