රතු වරෙන්තුකරුවන් සොයා ලෝකය පීරයි…

රතු වරෙන්තුකරුවන් සොයා ලෝකය පීරයි…

සංවිධානාත්මක අපරාධකරුවන් සහ එම කල්ලිවල නායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස රතු වරෙන්තු නිකුත්කර සිටින පිරිස ලෝකයේ කුමණ රටකට පලාගොස් සැඟවී සිටියද අත්අඩංගුවට ගැනීම වේගයෙන් ඉහළගොස් ඇත.

ජනිත් මධුසංඛ නොහොත් `පොඩි ලැසී’ ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියදී ජාත්‍යන්තර පොලිසියේද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගෙන අද (27) අළුයම මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ රතු වරෙන්තු කරුවන් 29 දෙනෙකු මේ වනවිට ලංකාවට ගෙනවිත් සිටින බවය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2024 සිට මේ දක්වා එම 29 දෙනා ලෝකයේ විවිධ රටවල සැඟවී සිටියදී අත්අඩංගුවට ගත හැකි වූ බවයි. රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ඔස්සේ විධිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් අතර මේ වනවිට අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට සිටින වරෙන්තුකරුවන් සියලුම දෙනා මේ ආකාරයෙන් ලංකාවට ගෙනවිත් නීතිය ඉදිරියට පමුණුවන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්