මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටුව නිසා සිදු වන ජීවිත හානි වේගයෙන් ඉහළ යන බව වාර්තා වේ.
ගෝලීය පාරිසරික විනාශයේ ප්‍රධාන ම කොටස්කරුවා ඇමරිකා එක්සත් ජනපදය බව පරිසරවේදීන් දිගින් දිගටම පෙන්වා දී තිබිණි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් එම මතය බැහැර කරන අතර, කාලගුණ විපර්යාසවලට ස්වාභාවික පරිසරයේ විනාශය හේතු වන බව පිළි නොගනී. එවැනි තත්වයක් තුළ නිව්යෝක් නගරය ඇතුළු ප්‍රධාන නගර රැසක් හිම කුණාටුවට ගොදුරු වී මිලියන ගණනක ජනතාවක් විදුලිය නොමැතිවීම සහ උණුුසුම සපයා ගැනීමට නොහැකිව අසරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධ විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.
Views: 0










