වෙනිසුවේලාවේ ජනාධිපති නිකොලා මදුරෝ පැහැර ගැනීමත් සමග ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ ආර්ථික වශයෙන් මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින කියුබාව බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. නමුත් ට්‍රම්ප් ගේ විරෝධය නොතකා කියුබාවට තෙල් අපනයනය කරලීම නිසා ට්‍රම්ප් හා මෙක්සිකානු ජනාධිපතිනිය Claudia Sheinbaum අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මාෆියා සංවිධාන මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාව මෙක්සිකෝවට ඇතුළු කිරීම Sheinbaum මහත්මිය විසින් ප්‍රතික්‍ෂේප කිරීම ද මෙයට හේතු වී තිබේ. මේ අතර ඇමරිකාව හා කියුබාව අතර රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා මෙක්සිකානු ජනාධිපතිනිය ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ට්‍රම්ප් විසින් ද තම කැමැත්ත ප්‍රකාශ කළද කියුබාව තව දුරටත් පවසන්නේ තවමත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ඇමරිකාව වෙතින් ලැබී නොමැති බවයි.
මදුරෝ පහර ගැනීමත් සමග ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියේ වෙනිසුවේලාව පාලනය කරනුයේ තමන් බවත්, එරට තෙල් අපනයනය සිදු කරනුයේ තමන් පමණක් බවයි. ඒ අනුව මේ දක්වා වෙනිසුවෙලාවේ තෙල් ආනයනය කිරීමෙන් තම පාලනය බලය රැක ගන්නා කියුබානු සමාජවාදී රජය ඇද වැටීම ඉක්මනින් සිදු වන බවට ද අනතුරු හඟවන ලදී. නමුත් මෙම ප්‍රකාශ තුලින් ට්‍රම්ප් පරිපාලනය වෙනිසුවේලාවේ සිරියාව පන්නයේ ජනතා නැගිටීමක් අපේක්ෂා කලද එය එසේ නොවුණු අතර වෙනිසුවේලාවේ තෙල් ගවේෂණය සඳහා ඇමරිකාවේ ප්‍රමුඛ තෙල් සමාගම් ද ආරක්ෂාව හා අධික වියදම් හේතුවෙන් ට්‍රම්ප්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබිණි. අවසානයේ මදුරෝ පැහරගැනීම බටහිර චිත්‍රපටයක හුදු ෆැන්ටසියක් බවට පත් වී ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් ද මේ අතර පෙන්වා දේ.
මෙම තත්වය හමුවේ කියුබාව වෙත යැවෙන වෙනිසියුලානු ඛනිජ තෙල් සැපයුම් ජාලය කඩා වැටීමත් සමඟ මෙක්සිකානු ජනාධිපතිනිය Claudia Sheinbaum සමාජවාදී කියුබාවේ “ප්‍රධාන තෙල් සැපයුම්කරුවෙකු” බවට පත්ව ඇති බවට පත්වීම ට්‍රම්ප් පරිපාලනය කෝපයට පත් කරලීමක් වී ඇති අතර කියුබාවේ සමාජවාදී රජය බිඳ වැටීමෙන් පසු එහි ජනාධිපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් කියුබානු marc RUBIO පත් කිරීමටද සැලසුම් කර ඇති බවටද මාධ්‍ය වෙත පවසා සිටියේ එය සිදු කරන ආකාරය පිළිබඳව ද පැහැදිලි හා නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් නොකරමිනි. එසේම කොලම්බියානු ජනාධිපති, වෙනිසියුලා වැඩ බලන ජනාධිපතිනිය හමු වීමට අපේක්ෂා කරන බවද ට්‍රම්ප් පවසා සිටි. ට්‍රම්ප් විසින් වෙනිසියුලාව පාලනය කරන බවට කරන ලද ප්‍රකාශයද වෙනිසියුලානු වැඩ බලන ජනාධිපතිනිය තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබිණි.
කෙසේ වෙතත්, මෙක්සිකානු ජනාධිපතිවරිය Claudia Sheinbaum, කියා සිටින්නේ තම රට සහයෝගිතා ගිවිසුමක් යටතේ ඓතිහාසිකව කියුබාවට ලබා දෙන තෙල් අපනයනයට වඩා අපනයනයක් මේ දක්වා සිදු නොකරන බවයි. නමුත් බ්‍රිතාන්‍යයේ පලවන ෆයිනෑන්ෂල් ටයිම්ස් ලිපියක සඳහන් වන්නේ 2025 දී මෙක්සිකෝව කියුබාවේ ප්‍රමුඛ සැපයුම්කරු බවට පත්ව ඇති බවයි. ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට පෙර, දෙසැම්බර් මස අවසානයේදී එක්සත් ජනපදය නිවේදනය කළේ, සම්බාධක යටතේ කියුබාවට යැවෙන තෙල් ටැංකි වලට එරෙහිව වෙනිසියුලාව වටා නාවික බාධක පනවා ඇති බවයි.
පසුගිය සතියේ රුසියානු ධජය සහිත නෞකාවක් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් දින කිහිපයක් ලුහුබැඳ නැව් දෙකක් සමග අල්ලාගෙන තිබූ අතර ඉන් එකක් කියුබාවට යැවීමට නියම වී තිබුණි. ෆොසිල ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින තම බලශක්ති පද්ධතියට ඇති කරන මෙම ඇමරිකානු “සෘජු බලපෑම” කියුබාව තරයේ හෙළා දුටුවේය.
මේ අතර බ්‍රිතාන්‍ය ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත තව දුරටත් පෙන්වා දෙන්නේ 2025 දී කියුබාවට මෙක්සිකානු තෙල් බෙදාහැරීම් ජාත්‍යන්තර වෙළඳ දත්ත වලට අනුව වෙනිසියුලාවෙන් ලබා දුන් තෙල් සංචිතයන්ද ඉක්මවා ගිය බවයි. මෙම තොරතුරු ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි වුවත් මාධ්‍ය මේ පිළිබඳව ප්‍රශ්න කළ විට, මෙක්සිකානු ජනාධිපතිනි Claudia Sheinbaum, ප්‍රකාශ කළේ, වෙනිසියුලාවේ අර්බුදය සැලකිල්ලට ගෙන, “මෙක්සිකෝව පැහැදිලිවම එරට ප්‍රමුඛ තෙල් සැපයුම්කරුවෙකු බවට පත්වෙමින් සිටින” බවත්, එම රට “ඓතිහාසිකව යවා ඇති ප්‍රමාණයට වඩා කියුබාවට තෙල්” නැව්ගත නොකරන බවත් සඳහන් කරනු ලැබුවේ එය ජාත්‍යන්තර නීතිය හා වෙළඳාම මත සිදුවන ක්‍රියා දාමයක් බවට ද අවධාරණය කරමිනි.
ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව, මෙක්සිකෝව පසුගිය වසරේ කියුබාවට දිනකට තෙල් බැරල් 12,284ක් අපනයනය කළ අතර එය 2024 සඳහා ප්‍රක්ෂේපිත ප්‍රමාණයට වඩා 56%කින් වැඩිය. ඒ අනුව මෙක්සිකෝව කියුබාවේ මුළු තෙල් ආනයනයෙන් 44% ක් ද නියෝජනය කරනු ලබයි. එසේම කියුබාවට වෙනිසියුලානු අපනයන පසුගිය වසරේ ස්ථාවරව පැවති නමුත් 2023 ට සාපේක්ෂව 63%කින් පහත වැටී දිනකට බැරල් 9,528 පමණක් විය. එක්සත් ජනපද සම්බාධක සහ 2019 දී පනවන ලද ට්‍රම්ප් සම්බාධක හේතුවෙන් වෙනිසියුලාවේ තෙල් අපනයනය දුර්වල වී ඇත.
කියුබාවට බොරතෙල් නැව්ගත කිරීම් “වසර ගණනාවක්” සිට එරට සමග අත්සන් කරන ලද අපනයන හා ආනයනය වෙළඳ ගිවිසුම් සහ “මානුෂීය ආධාර” ඇතුළු “විවිධ හේතූන් මත” අඛණ්ඩව සිදුවන බව මෙක්සිකානු වාමාංශික ජනාධිපතිවරිය අද ජනවාරි 15 වෙනි දා නැවතත් අවධාරණය කරමින් පවසා සිටියේ ඇමරිකාව හා කියුබාව අතර රාජ තාන්ත්‍රික සාකච්ඡා සඳහා මැදිහත් වීමටද තමන් සුදානම් බවට ද සහතික කරමිනි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “ප්‍රමාද වීමට පෙර ඇමරිකාව සමග ගිවිසුමකට එළඹෙන්න” යයි ට්‍රම්ප්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඇය එසේ පවසා සිටියාය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පෙර දින කළ දුරකථන සංවාදයකින් පසුව, නිතිපතා උදෑසන මාධ්‍ය හමුවේදී ඇය පැවසුවේ,
“මෙම මැදිහත් වීමේ භූමිකාව ඉටු කිරීමට මෙක්සිකෝව හොඳම ස්ථානයේ සිටිනවා. මෙක්සිකානු තෙල් කියුබාවට බෙදා හැරීම ජාතික ස්වෛරීභාවයේ රාමුව තුළ සහ මානුෂීය අරමුණු සඳහා නීත්‍යානුකූලව සිදුවනවා. එය අලුත් දෙයක් නොවේ. එය මානුෂීය ආධාර ප්‍රතිපත්තිය මත දෙරට අතර ඇති දේශපාලන අනුබද්ධතා නොසලකා, අතීතයේ සිටම අනුප්‍රාප්තික මෙක්සිකානු රජයන් විසින් කියුබාවට සහාය දක්වන බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.
මෙක්සිකානු රජය සතු තෙල් සමාගමක් වන පෙමෙක්ස් (PEMEX) වෙතින් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සංඛ්‍යාලේඛන ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව පවසා සිටින ඇය මෙක්සිකානු රජය හා කියුබාව සමඟ අත්සන් කර ඇති තෙල් ගිවිසුම් සහ ඒවා ගෙවන ආකාරය ප්‍රසිද්ධ කිරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
2000 වසරේ සිට, ජනාධිපති හියුගෝ චාවේස් (1999-2013) යටතේ කියුබාව වෙනිසියුලාව සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළ අතර, කියුබාවෙන් ලබා දෙන වෛද්‍යවරුන් සහ ගුරුවරුන් සඳහා තෙල් සැපයුම් ලබා දෙන ලදී. කෙසේ වෙතත්, දෙසැම්බර් 10 වන දින, සිට එක්සත් ජනපදය කැරිබියන් දූපත් අවට මුහුදේ කියුබාවට යාත්‍රා කරන වෙනිසියුලානු තෙල් රැගත් නැව් වලට බාධා පැමිණවීම ආරම්හ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයයින්ට අනුව, වෙනත් රාජ්‍යයකට එරෙහිව “මිලිටරි බලය භාවිතා කිරීම තහනම්” යන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ද බරපතළ ලෙස උල්ලංඝණය කරමිනි.
මෙක්සිකෝවේ සිට ක්‍රියාත්මක වනු ලබන බවට සැක කරන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපද හමුදා එවීමට වොෂින්ටනයට අවසර දෙන ලෙස මෙක්සිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ධවල මන්දිර ආරංචි මාර්ග මේ අතර පෙන්වා දෙන අතර මෙක්සිකානු ජනාධිපතිනය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ “ඇමරිකාව කිසිදු මූලධර්මයකට හෝ කිසිදු බලයකට අයත් නොවේ” යයි ද ප්‍රකාශ කරමිනි.
“මෙක්සිකානු ජනතාව වෙත මා පවසා සිටින්නේ, පළමුව, ඔවුන්ගේ ඡන්දෙන් පත් වූ ජනාධිපතිවරිය ලෙස මා කිසි විටෙකත් රටේ ස්වෛරීභාවය හෝ භෞමික අඛණ්ඩතාව වෙනත් රාජ්‍යයක් සමග සාකච්ඡා නොකරන බවයි. එය කිසි විටෙකත් සිදු නොවේ. දෙවනුව, අපි යටත් වීමකින් තොරව, සමාන පදනමක් මත සිදු කරන සම්බන්ධීකරණයක් ඇමරිකාව සමග අපේක්ෂා කරන බවත්, තෙවනුව, මෙය ස්ථිර වෙනස් නොවන ස්ථාවරයක් බවත් මා ට්‍රම්ප් ජනාධිපතිවරයාට පැවසුවා ,” යයි ඇය මාධ්‍ය වෙත පැවසුවාය.
මදුරෝ පැහැර ගැනීමෙන් පසුව ට්‍රම්ප් විසින් කොලොම්බියාව, මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය ඉලක්ක කරමින් සිදු කරන ලද යුදමය ප්‍රකාශවලින් පසුව ඇති වූ දැවැන්ත ජාත්‍යන්තර විරෝධය හමුවේ ට්‍රම්ප් පරිපාලනය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටිනුයේ ඇමරිකාව තුළම එරට පොලිසිය විසින් සුදු කාන්තාවක් ඝාතනය වීමක්ද කරළියට පැමිණීමත් සමගිනි. එසේම වෙනිසුවේලාව තුලම ඇමරිකන් විරෝධය රජයේ හා විපක්ෂය එක් පෙරමුණකට පැමිණීමට ජනතාව විසින් බල කිරීමත්, සමස්ත දකුණු ඇමරිකාව ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට යුරෝපා සංගමයේ රටවලද සහය ඇතිව අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් වටා රොක් වීමත් යන කාරණා මත ට්‍රම්ප් පරිපාලනය තුල දැඩි පසුබෑමක් සිදු වුවද ඔහු තව දුරටත් පවසන්නේ තමන් ගරු කරන්නේ තම හෘදය සාක්ෂියට විනා ජාත්‍යන්තර නීතියට නොවන බවයි.
පසුගිය සතියේ කියුබාවට සූර්ය පැනල සපයන චීනය සහ තෙල් සපයන මෙක්සිකෝව ඇමරිකානු සම්බාධක කියුබානු ජනගහනයට අමානුෂික ලෙස සලකන බවට යළි යළිත් ප්‍රකාශ කරනු ලැබුවේ ට්‍රම්ප් වෙත තවදුරටත් පීඩනයට පත් කරමිනි. ට්‍රම්ප් ගේ තර්ජනයට පිළිතුරු දෙමින් කියුබානු ජනාධිපති Miguel Diaz-Canel. සඳහන් කලේ,
“කියුබාව යනු නිදහස්, ස්වාධීන ජාතියක්. කියුබාව කිසිවෙකුගේ නියෝග මත කළ යුතු දේ තීරණ කිරීමට අප කිසිසේත් බැඳී නැත”, කියුබාව වසර 66ක් පුරා එක්සත් ජනපදයේ ආක්‍රමණයට හා සම්බාධක වලට ගොදුරු වී ඇති අතර ඔවුන් අපට තර්ජනයක් නොවේ. ඒ අනුව අවසන් ලේ බිංදුව දක්වා මව්බිම ආරක්ෂා කිරීමට කියුබානු ජනතාව සූදානම්ව සිටී,” යයි X මගින් ට්‍රම්ප්ට පිළිතුරු ලබා දෙමිනි.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙන්නේ 1989 දී සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපය කඩා වැටීමෙන් පසුව කියුබාවේ දල ජාතික නිෂ්පාදනය 80%කින් කඩා වැටුණු තත්වයක් තුළත්, 1999 වෙනිසියුලාවේ හියුගෝ චාවේස් බලයට පත් වීමෙන් පසුව අත්සන් කරන ලද තෙල් ගිවිසුම දක්වා 1990 සිට වසර දහයක් පුරා “විශේෂිත කාල පරිච්ඡේදයකට” ලක් කර රට පාලනය කරමින් සුරක්ෂිත වීමට සමත් වීම තුලත්, එදාට වඩා බටහිර කඳවුර ද දැඩි ලෙස බෙදී යාම හා ලෝකය තුල කියුබාව ලබාගෙන ඇති රාජතාන්ත්‍රික ජයග්‍රහණ මත එරට තුල ඉක්මන් පාලනය මාරු වීමක් පිළිබඳව ට්‍රම්ප්ගේ අපේක්ෂාව එතරම් පහසු ඉලක්කයක් නොවනු ඇති බවයි.









