ලංකාවේ අලි ඇතුන් ගහනය 26.7%කින් වැඩි වී ඇති බව පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳී පවසි.
පරිසර ඇමති මේ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිණි.
එහිදී පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳී ලබාදුන් පිළිතුර පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ තත්වය
ශ්‍රී ලංකාව තුළ සිටින අවම අලි ඇතුන් සංඛ්‍යාව, 1967 – (1993), 5879 -(2011), 7451-(2024).
2011 සිට 2024 අතර වැඩි වීම 1572
අලි ගහනය වැඩි වීමේ ප්‍රතිශතය 26.7%.
තරුණ ඇතුන්ගේ ප්‍රතිශතය (දළ සහිත අලි)
11.0%(1993)
8.4%(2021)
17.6%(2024)
2011 සිට 2024 අතර වැඩි වීම 9.2%.
මුළු ඇතුන්ගේ ප්‍රතිශතය (දළ සහිත අලි)
11.5%(1993)
6.0%(2011)
6.5%(2024)
2011 සිට 2024 අතර වැඩි වීම 0.5%.
ඉන්දියාවේ අලි ඇතුන් සංගණනය සහ අලි ඇතුන්ගේ තත්වය
2017 – 29,964, 2025 – 22,446
අවුරුදු 7කදී අලි ගහනය 7,518 කින් අඩු වී ඇත. එනම් එක් දිනකදී අලි ඇතුන් 03 දෙනෙකු මිය යයි. වසර 7 ක දී ඉන්දියාවේ අලි ගහනය 25% කින් අඩු වී තිබේ.










