
ගාල්ල කොටු පවුරේ බියර් කලාපයක් ආරම්භ කර ඇතැයි ලංකාටෘත්වෙත වාර්තාවේ.
මේ දිනවල ගාල්ලේදී පවත්වනු ලබන ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ක්රිකට් තරගාවලියට සමගාමීව මෙම බියර් කලාපය ආරම්භකර තිබේ. එය ආරම්භ කර ඇත්තේ පෞරාණික ගාලු කොටු පවුර මතය.
අප මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමෙන් කළ විමසීමකදී එහි සභාපති ගාල්ල මහ නගරසභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී පරාක්රම දහනායක මහතා පවසා සිටියේ ගාලු කොටුපවුරේ D.J සංදර්ශනයක් පැවැත්වීම සදහා අවසර ලබා දී ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බියර් කලාපයකට අවසර නොඉල්ලූ බව හා බියර් සදහා බලපත් නිකුත්කළ හැක්කේ ප්රාදේශීය ලේකම්වරයාට පමණක් බවත්ය.
ප්රදේශීය ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ගාලු කොටුව තුළ හෝ ඉන් පිටතට බියර් බලපත්රයක් ලබා දී නොමැති බවත් ක්රීඩාංගණය තුළ ක්රීඩාව පැවැත්වෙන දින කිහිපය සදහා පමණක් බියර් අලෙවි සැලකට බලපත්රයක් නිකුත් කර ඇති බවයි.
කෙසේ නමුත් අපට වාර්තාවන අන්දමට ගාලු කොටුව තුළ ඉදිකර ඇති බියර් කලාපයට ඇතුල් වීම සදහා රුපියල් 1000ක් අය කරන අතර එහි බියර්වලට අමතරව මෙරට දුර්ලභ මත්පැන් වර්ගද ඉතා අධික මිලකට විකිණීමට ඇත.









