අසත්‍ය සහ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කළ ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව තම නීතිඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලා ඇත.
දින 14ක් ඇතුළත එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම එන්තරවාසිය මගින් දන්වා යවා තිබේ. කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ සොහොයුරාට සම්බන්ධ ව්‍යාපාරයක් මගින් බාල ඖෂධ ජාවාරම් සිදු කළ බවට ජනතාව නොමග යවන ප්‍රකාශයක් ධර්ම ශ්‍රී කාරියවසම් විසින් සිදු කර තිබිණි.
177









