වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති හිමියන්ට සජිත්ගේ මන්ත්‍රීගෙන් මරණ තර්ජන

වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති හිමියන්ට සජිත්ගේ මන්ත්‍රීගෙන් මරණ තර්ජන

තමන් වහන්සේට තම මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු විසින් මරණ තර්ජන එල්ල කර ඇති බවට වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති දෙනගම රාහුල හිමියෝ මාතර කොට්ඨාශ අපරාද විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙසේ මරණ තර්ජනය කර ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන සභාපති සිහිනයේ පසුවන සමීර මදුශාන් නැමැත්තා බවද ඒ හිමියෝ සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.

පැමිණිල්ලේ සඳහන් පරිදි 2025.12.30 වන දින රාත්‍රී 9.00ත් 11.00ත් අතර අවස්ථා දෙකකදී ජංගම දුරකථන දෙකකින් දෙනගම රාහුල හිමියන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙකක් පැමිණි ඇති අතර “උඹ අපිත් එක්ක ඉඳලා දැන් වෙනස්වෙලා… උඹට ඔහොම යන්න දෙන්නේ නෑ… උඹ මරණවා…” යැයි දෙවරක් තර්ජනය කර ඇත.

එසේ තර්ජනය කර ඇත්තේ සමීර මදුශාන් මන්ත්‍රීගේ අනුදැනුම ඇතිව බවට සැක කරන බවද රාහුල හිමියෝ එම පැමිණිල්ලේ සටහන් කර තිබේ.

ඒ අනුව 2026.01.01 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඹ්ර්‍ඇ/2026 යටතේ මාතර කොට්ඨාශ අපරාද විමර්ශන අංශය විසින් මෙම පැමිණිල්ල විභාගය සඳහා යොමුකර ඇති අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක විසින් අදාළ දුරකතන වාර්තා පරික්ෂා කර වහාම අධිකරණයට වාර්තා කරන ලෙස මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn