දිට්වා සුළි කුණාටුවෙන් සමස්ත රටට සිදු වූ ව්‍යසනය මේ වනවිට සමනය කර ගෙන ඇති අතර, ඒ සඳහා සුවිශේෂී ශ්‍රම මෙහෙයුම් රැසක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබීය.
එම මෙහෙයුම් මගින් ජන ජීවිතය යථා තත්වයට පත් කර මූලික යටිතල පහසුකම් ගොඩනැගීමේ සාර්ථකත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශේෂ ඇගයීමට ලක් වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයට සිදු වූ ව්‍යසනයෙන් යථා තත්වයට පත් කිරීම සඳහා මූලික මෙහෙයුම්වලට ශ්‍රමය සැපයීමේ මිනිස් දින 33,900ක් වූ බව ගණන් බලා තිබේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න දත්ත සහිතව එම කරුණු හෙළි කර ඇති අතර, දිනක වැටුප රුපියල් 2,400ක් ලෙස ගණනය කළ හොත් රුපියල් ලක්ෂ 814ක මෙහෙයුම් සිදු කර ඇති බව හෙළි කර තිබේ. රට නැවත ගොඩනැගීම වෙනුවෙන් මේ ආකාරයට රට පුරාම මෙහෙයුම් දියත් කරනු ලැබීය.
Views: 0










