අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.
ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 05ක් වන බවද වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ මෙහෙයවීමෙන් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාට නිකුත් කර ඇති T56 උන්ඩ 1,500කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඩග්ලස් දේවානන්දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක රැඳවුම් නියෝග මත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශ මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Views: 0










