රුපියල් 25,000ක දීමනාව ගෙවීමේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමෙන්

රුපියල් 25,000ක දීමනාව ගෙවීමේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමෙන්

ආපදාවට පත් වූ නිවාස යළි වාසයට සුදුසු පරිදි පිරිසිදු කර ගැනීම සඳහා ලබා දෙන රුපියල් 25.000ක දීමනාව පවුල් 318,364කට ලබා දී ඇති බව පසුගිය 22 දින නිකුත් කළ වාර්තාවකින් හෙළි වේ.

එම වාර්තාවට අනුව සමස්තයක් ලෙස පවුල් 79.23%ක් වෙනුවෙන් දීමනාව ලබා දී ඇති අතර, මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක දෙකෙහි 100%ක් ම ගෙවා අවසන් කර ඇත. වැඩිම පිරිසක් වෙත බලපෑම් සිදු වූ දිස්ත්‍රික්කවල පවා වැඩිම පිරිසකට එම මුදල් ප්‍රදානය සිදු කර ඇත. ගෙවී යන මෙම සතිය තුළ ඉතිරි සියළුම පවුල් වෙත එම මුදල් ආධාරය ලබා දී අවසන් කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn