සැලසුම් සහගත ප්‍රචාරවලට එරෙහිව ජනතාව නැගී සිටී

සැලසුම් සහගත ප්‍රචාරවලට එරෙහිව ජනතාව නැගී සිටී

පොදුවේ රජයට සහ තෝරා මැති ඇමතිවරුන් මෙන් ම, රජයේ නිලධාරීන්ට එරෙහිව සැලසුම් සහගතව දිගින් දිගටම ගෙන යන ප්‍රචාරවලට එරෙහිව මහජනතාවගෙන් දැඩි ප්‍රතිචාර එල්ල වෙමින් පවතී.

නොවැම්බර් මස අවසානයේ සිදු වූ ස්වාභාවික ව්‍යසනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා එම මස 12 වෙනි දින දෙරණ නාලිකාවේ දී ප්‍රකාශ කළ බවට සංවිධානාත්මකව විකෘති ප්‍රචාරයක් ගෙන යනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එම නාලිකාවේ ම 360 වැඩ සටහනට සහභාගී වෙමින් ඔවුන්ගේ ව්‍යාජ ප්‍රචාර පිළිබඳව රටට හෙළි කරනු ලැබීය.

ඉන් පසුව, හිරු රූපවාහිනී නාලිකාව සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලය ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව දිගින් දිගටම බොරු චෝදනා එල්ල කරනු ලැබීය. එවැනි තත්වයන් හමුවේ මධ්‍යස්ථ යූටියුබ් චැනල් පවා එම රූපවාහිනි නාලිකාවට එරෙහිව කරුණු දක්වමින් සිටින අතර, පොදු ජනතාව ද එම නාලිකාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට මත පළ කරමින් සිටිති.

Facebook
Twitter
LinkedIn