නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16

නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

මෙම නඩුව පසුගිය 18 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති විසින් නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත ලබා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නීතිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ඉකුත් යහපාලන රජය සමයේ දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කර ලිපිගොනු නීතිපති වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා නීතිපති විසින් කොළඹ මහාධිකරණය හමුවේ නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකරන ලදී.

Facebook
Twitter
LinkedIn