ලොව ප්රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය හඬ අවදි කිරීමට පටන් ගෙන තිබේ.
ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ.
නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් සිදුකර ඇත.
අදාළ ඉල්ලීම සදහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන් සහ ඩෝනට් ඉකොනොමික්ස් එහි කතුවරිය වන කේට් රාවරත් ඇතුලු ආර්ථීක විශේෂඥයින් 120දෙනෙකු මෙම ඉල්ලීමට අත්සන් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වනවිටත් ලබා ගෙන ඇති අතර ඉදිරියේදී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවද එම විශේෂඥයින් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර සෛවයිරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










