පසුගිය මස අවසානයේ ඇති වූ දරුණු ආපදාවෙන් බදුල්ල දිස්ත්රික්කය යළි ගොඩ නැගීම සඳහා 12,000කට ආසන්න මෙහෙයුම් බලකායක් යොදවා සිටින බව අනාවරණය වේ.
එම දිස්ත්රික්කයට සිදු වූ ආපදාව පිළිබඳව සමස්ත වාර්තාවක් සකස් කර ඇති අතර, දිස්ත්රික්කය යළි ගොඩනැගීමට යෙදවූ බලකාය පිළිබඳව එම වාර්තාවෙන් එළි දක්වා තිබේ. ශ්රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3.232ක්, ගුවන් හමුදාවේ 600ක්, විශේෂ කාර්ය බලකායේ 570ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 1,075 දෙනෙකු ආදී වශයෙන් ආරක්ෂක අංශවල සාමාජිකයන් එම බලකායේ සාමාජිකයන් වෙති.
ඊට අමතරව, සිවිල් ස්වේච්ඡා කණ්ඩායම්වල සාමාජිකයින් 6,454ක් එම මෙහෙයුම සඳහා සක්රියව දායක වී ඇත. බදුල්ල දිස්ත්රික්කය වෙනුවෙන් සකස් කර ඇති සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.
මේ අනුව ආපදාවෙන් සිදු වූ හානි යථා තත්වයට පත් කිරීම සඳහා බදුල්ල දිස්ත්රික්කයේ පමණක් 11,924ක් මෙහෙයුම් සඳහා දායක වී සිටිති.













