කරන්දෙනියෙන් `අයිස්’ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කරන්දෙනියෙන් `අයිස්’ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කරන්දෙනිය පොලිස් වසමේ තුනේ කණුව ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කරණ්දෙනිය 3 කණුව ප්‍රදේශයේ පදිංචි “වීරේ” නැමති පුද්ගලයෙකු බව සඳහන් වේ.

පොලිස් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොග‍යේ ප්‍රමාණය සහ වටිනාකම කොතෙක්ද යන්න පිළිබඳව තවමත් ගණනය කරමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn