සජිත් නාමල් දෙදෙනාට මොකක් වෙයිද?

සජිත් නාමල් දෙදෙනාට මොකක් වෙයිද?

රජය ඉදිරිපත් කර තිබෙන රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීම සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ දෙදෙනාගේ දේශපාලන අනාගතය සම්බන්ධ කඩඉමක් බව නිරීක්ෂකයින් පෙන්වා දෙති.

ව්‍යසනය සිදු වූ දිනයේ සිට රජයට එරෙහිව ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගිය ඔවුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂ ජනතාව හමුවේ ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ. පරිපූරක ඇස්තමේන්තුවට පක්ෂව ඡන්දය දීමට නොහැකි වන ආකාරයේ පසුබිමක් එයින් නිර්මාණය කර ගනු ලැබීය. මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ විපතට පත් වූ ජනතාවට ආධාර ලබා දීමට සහ විනාශයට පත් වූ රට යළි යථා තත්වයට පත් කිරීම සඳහා ය.

ඒ නිසා එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවට සහන සැලසීමට එරෙහිවීමකි. එසේ පරිපූරක ඇස්තමේන්තුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ හොත් ඔවුන් තවදුරටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් අදහස් පළ කර තිබේ.

Facebook
Twitter
LinkedIn