සජිත් පිලෙන් ඔස්කාර් නළුවෙක්

සජිත් පිලෙන් ඔස්කාර් නළුවෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි ප්‍රකාශ කරමින් නීති විරෝධී ව තමන්ගේ තොරතුරු රැස් කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම තවත් සුපිරි රංගනයක් දැයි සැක මතු වී තිබේ.

ඔහු ප්‍රකාශ කරන සිදුවීමෙන් දින කිහිපයක් ගත වී ගිය ද අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සහ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමකින් පමණක් සෑහීමකට පත් වී සිටීම නිසා එම සැකය මතු වී තිබේ. ඔහු මාධ්‍ය හමුවේ එම ප්‍රකාශය සිදු කළේ අද (18) සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී හදිසි පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමේ අවධානය මුළුමනින් ම වෙනතක යැවීමේ උපක්‍රමයක් ලෙසට බව පෙනී ගොස් තිබේ.

පසුගිය දා සිදු වූ ව්‍යසනයේ ආර්ථික අලාභය මෙන් ම, ජන ජීවිත ගොඩ නගමින් රට යළි නගා සිටුවීම සම්බන්ධයෙන් ඵලදායී විවාදයක් පැවැත්වීම මගහැර යාම සඳහා එවැනි උපක්‍රම යොදා ගැනීම පරාජිත දේශපාලන පක්ෂවල ප්‍රධාන උපක්‍රමය බවට පත් වී තිබේ.

Facebook
Twitter
LinkedIn