හෙලිකොප්ටර් අනතුර ගැන විමර්ශනයක් සිදු කිරීමට කමිටුවක් පත් කරයි

හෙලිකොප්ටර් අනතුර ගැන විමර්ශනයක් සිදු කිරීමට කමිටුවක් පත් කරයි

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගනගේ පවසයි.

ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (30) වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ ගිං ඔයට කඩා වැටී තිබිණ.

එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු නිලධාරින් 05 දෙනා මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරන ලදී.

කෙසේ වෙතත් යානයේ සිටි එක් නියමුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගොස් තිබුණේ නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකු බව ගුවන් හමුදාව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn