පළමු රතු නිවේදනය

පළමු රතු නිවේදනය

පසුගිය දිනවල මුළු රටම වෙලාගත් මහා ව්‍යසනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කළ ආකාරය පිළිබඳව විවිධ පාර්ශව ප්‍රශ්න මතු කරමින් සිටී.

එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුව මෙම කාලගුණ වෙනස සම්බන්ධයෙන් පළමු රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 24 වෙනි දින පස්වරු 2.30ට වන අතර එහි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ප්‍රබල අකුණු ඇති වීම පිළිබඳය. මේ අතර 25 වෙනි දින පස්වරු 02.00ට සාමාන්‍ය කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන් පසුව 25 වෙනි දින පස්වරු 3.45ට තද වැසි ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.

එහෙත් එදිනම සවස 04.00ට “සාමාන්‍ය කාලගුණ අනාවැකිය” යන සිරස්තලය යටතේ තවත් නිවේදනයක් නිකුත් කර තිබිණි. එයට විනාඩි 15කට පෙර රතු නිවේදනයක්ද ඉන් පසුව සාමාන්‍ය නිවේදනයක්ද නිකුත් කිරීම එම දෙපාර්තමේන්තුවේ නිල නිවේදන සම්බන්ධයෙන් ව්‍යාකූලත්වය ඇති වීමට හේතු වී තිබේ.

මේ ආකාරයට රතු නිවේදන සහ සාමාන්‍ය නිවේදන එක් දිනක් තුළ කිහිපයක්ම වරින් වර නිකුත් කර තිබිණි. 25 වෙනි දිනම පස්වරු 10.30ට නොගැඹුරු මුහුදු තීරයට අදාළව රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. 27 වෙනි දින පස්වරු 08.00ට “ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවලට” යනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පළමු රතු නිවේදනය නිකුත් කර ඇත.

එම නිල නිවේදන පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn