අද (දෙසැම්බර් 01) පෙරවරු 06ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිල නිවේදනයට අනුව මහා ව්‍යසනයට පත් පුරවැසියන් සංඛ්‍යාව 1,118,929ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතරින් පවුල් 62,728ක පුද්ගලයින් 236,498ක් ආපදාවට පත් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 52,939ක පුද්ගලයින් 217,123ක් ආපදාවට මුහුණ දී සිටින බව වාර්තා වී තිබේ. අවම පිරිස ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,226කි.
මේ අතර, වැඩිම සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 180කි. මහනුවර දිස්ත්‍රික්කයේ 176ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ 132ක් ද වශයෙන් දිවයිනේ ම. 1,494ක පුද්ගලයින් 196,790ක් සුරක්ෂිත කර ඇති බව එම වාර්තාවේ දැක්වේ. සම්පූර්ණ වාර්තාව පහතින් පළ කෙරේ.
Views: 1










