මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 05 දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
ඒ අනුව එරට ප්‍රශ්න කිරීම් අවසන් වන තුරු ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී වාර්තා වේ.
පසුගිය නොවැම්බර් 07 වැනිදා අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 355කට අධික ප්‍රමාණයක් එම යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකුද සමග එරට ආරක්ෂක අංශ භාරයට ගනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ මාලදිවයින් ආරක්ෂක බළකාය සහ එරට පොලිසිය එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ධීවරයින් පිරිස මෙරටට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක්ද පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණි.
එහෙත් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බැවින් එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වේ.










