අල්ලස් කොමිසමෙන් චාමර සම්පත් අත්අඩංගුවට

අල්ලස් කොමිසමෙන් චාමර සම්පත් අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර, තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළවය.

Facebook
Twitter
LinkedIn