ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටී.
මෙයට අදාළව මීට පෙරද ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඇප කොන්දේසි මත මුදාහැර තිබිණි.
කෙසේ වෙතත් මීට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව අධිකරණය හමුවේ පෙනී සිට නැත.
ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
151










