රූපවාහිනී මහගෙදර ලෙස ITN ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යන පිරිසක්  බිහිකිරීම ගැන සතුටු වෙනවා – නලින්ද ජයතිස්ස

රූපවාහිනී මහගෙදර ලෙස ITN ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යන පිරිසක්  බිහිකිරීම ගැන සතුටු වෙනවා – නලින්ද ජයතිස්ස

රූපවාහිනී මහගෙදර ලෙස ස්වාධින රූපවාහිනිය ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යාමට හැකි පිරිසක් බිහිකිරීමට කටයුතු කිරීම ගැන සතුටු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවති ස්වාධින රුපවාහිනී සේවයේ MMC ITN Campusහි පළමු සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාඨමාලාව සාර්ථකව අවසන් කර රන් සම්මාන දිනාගත් සිසුසිසුවියන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවිති මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“වසර ගණනක් අපේ රටේ ආර්ථිකය ඇතුළු අංශ ගමන් කළේ ඉතා මන්දගාමීවයි. ඒ නිසා  ලෝකය සමග අරමුණු ජය ගන්න අපිට නොහැකි වුණා. රජයේ අරමුණ නව පිම්මක් තුලින් අනාගත අරමුණු ළගා කර ගැනීමයි.

ජනමාධ්‍ය තුළත එකී පිම්ම වෙනුවෙන් ඩිජිටල් කරණය වීම ඉතා වැදගත්.

අපේ රටේ පුරවැසියන්ට ලෝකය සමග සම්බන්ධ වෙන්න ඩිජිටල් තාක්ෂණය පිලිබඳ දැනුම ඉතාම වැදගත්.”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ, සවාධින රූපවාහිනි සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, MMC ITN Campus හි අධ්‍යක්ෂක මන්ඩලය, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සහතිකපත්ලාභින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn