කිරින්දේ අත්අඩංගුවට ගත් මත් ජාවාරම්කරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

කිරින්දේ අත්අඩංගුවට ගත් මත් ජාවාරම්කරුවන්ට දින 7ක රැඳවුම් නියෝග

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග කිරින්ද ප්‍රදෙශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ.

ඒ ඊයේ එම සැකකරුවන් ඊයේ (12) පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන සිදුකිරීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත කිරින්ද ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක තොගයක් සමග සැකකරුවන් හත් දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ `රන් මල්ලි’ නැමැත්තාට අයත් බවටද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

Facebook
Twitter
LinkedIn