චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට

චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරග නියෝග කර තිබේ.

ඒ ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඔහුව කැඳවා තිබූ අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ එහිදීය.

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර, තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn