STC හිටපු සභාපති හුසෙයින් බහිලා අත්අඩංගුවට

STC හිටපු සභාපති හුසෙයින් බහිලා අත්අඩංගුවට

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2015 වසරේදී එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රුපියල් නවකෝටි අනූහයලක්ෂ හැතෑ නවදහස් හත්සිය අනූනවයි ශත හැත්තෑවක (රු. 99,679,799.70) පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් භාහිර පාර්ශ්වයන්ට සලසා දීමේ චෝදනාවටය.

අද (31) උදෑසන 8.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn