ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියාවේ සංචාරයක නිරත වී සිටින අතර මෙම සංචාරයේ දී චීනය සමඟ මෙන්ම එහි තීරුබදු වලින් බලපෑමට ලක් වූ ආසියානු කලාපයේ රටවල් කිහිපයක් සමඟ වෙළඳ ආතතීන් ලිහිල් කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහු ඉරිදා මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ASEAN) රැස්වීමේදී රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමු විය. මෙම සංචාරයේදී උග්‍ර වී ඇති චීන ඇමරිකානු වෙළඳ ගැටුම අවසන් කිරීමට අපේක්ෂා කරන බව ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔක්තෝම්බර් 30 වන දා චීන ජනාධිපති XI JINPING හමු වීමට නියමිතය. එසේම මෙම සංචාරය අතර තුරදී උතුරු කොරියානු නායක Kim Jong Un හා ජපාන නව අගමැතිනි Sanae Takaichi හමු වීමටද අපේක්ෂා කරනු ලබයි.
කෙසේ වුවත් ඇමරිකානු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ට්‍රම්ප් ගේ ආසියානු සංචාරයේ වැදගත්ම නැවතුම වනුයේ චීන ජනාධිපති ෂී ජින් පිං හමුවීම බවයි. චීනය සමග සිදු කරන රාජ තාන්ත්‍රික සාකච්චා වලදී චීනය පමණක් ලෝකයේ අපනයනයන් සිදු කරන දුර්ලභ පස් ඛණිජ අමුද්‍රව්‍ය, තීරුබදු, fentanyl මත්ද්‍රව්‍ය ජාවාරම හා ඇමරිකාවෙන් සෝයා මිලදී ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කරනු ලබන බවට ඇමරිකානු භාණ්ඩාගාර රජය ලේකම් SCOTT BESSENT මාධ්‍ය වෙත පවසා සිටියේය. මේ වන විට කුවාලම්පුර් හිදී චීන බලධාරීන් සමග සිදු කරන ලද සාකච්චා සාර්ථක වී ඇතැයි ඔහු පවසා සිටියේය. ට්‍රම්ප් බලයට පැමිණි දිනයේ සිට මේ දක්වා මැඩ්රිඩ්, ලංඩන් හා ස්ටෝක්ලොම් හිදී මෙම සාකච්චා සිදු වූ බවද එයින් දෙරට අතර ඇති වී තිබෙන වෙළඳ යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ගිවිසුමක් සඳහා සාර්ථක ප්‍රථිපල ලැබී ඇති බවද පැවසේ.
මේ අනුව එක්සත් ජනපදය සහ චීනය පොදු එකඟතාවයකට පැමිණ ඇති අතර දුර්ලභ පස් ඛනිජ සඳහා අපනයන සීමාවන් පැනවීම ප්‍රමාද කිරීමට සහ ඇමරිකානු සෝයා මිලදී ගැනීම නැවත ආරම්භ කිරීමට චීනය සැලසුම් කර ඇත. චීනය දුර්ලභ පස් අපනයන සඳහා පුළුල් පාලනයක් පැනවුවහොත් නොවැම්බර් 1 වන දින සිට අතිරේක 100%සිට -130% තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබුණි. “මම හිතන්නේ අපි එය වළක්වා ගත්තා,” යයි SCOTT BESSENT ABC පුවත් සේවයට පැවසුවේය.
ඇමරිකාවේ Illinois, Iowa, Minnesota සහ රටේ මධ්‍යම ප්‍රදේශවල ගොවීන් සෝජා අපනයනය සිදු කරනු ලබයි. චීනය මේ වන විට ඇමරිකානු සෝජා මිලදී ගන්නා විශාලතම ගැනුම්කරු වේ. 2024 දී පමණක් එක්සත් ජනපදය ඩොලර් බිලියන 24 ක් වටිනා සෝයා ලෝක වෙළඳ පලට අපනයනය කරනු ලැබූ අතර චීනය එයින් අඩකට වඩා මිලදී ගත්තේය. 2018 සහ 2019 දී වොෂින්ටනය සහ බීජිං අතර අවසන් වෙළඳ යුද්ධය හැර, වසර 10 ක් සඳහා මෙය නියතයක් විය, නමුත් එසේ වුවද, බීජිං විශාලතම ගැනුම්කරු ලෙස දිගටම පැවතුනි. සෝයා යනු එක්සත් ජනපදයෙන් අපනයනය කරන ලද වඩාත්ම වැදගත් කෘෂිකාර්මික නිෂ්පාදනය වේ. එය එක්සත් ජනපද කෘෂිකාර්මික අපනයනයෙන් 14% ක් වන අතර එය තිරිඟු සහ හරක් මස් වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. ඇමරිකාව සමග ඇතිවුණු වෙළඳ යුද්ධයේදී සෝයා මිලදී ගැනීම සඳහා දකුණු ඇමරිකාව වෙත චීනය සම්පූර්ණයෙන්ම හැරීමෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සෘජුවම ඡන්දය දුන් රටේ සමස්ත කෘෂිකාර්මික පරිසර පද්ධතියටම පහර වදින බව චීනය දැන සිටියේය.
ට්‍රම්ප් පරිපාලනය ඩොලර් බිලියන 20ක් පොම්ප කරමින් ආර්ජන්ටිනාවේ සෝයා අපනයනයට බාධා පැමිණීමට සිදු කල මෙහෙයුමද අසාර්ථක වූ පසු චීනය සමග අතරමැදි සමාදානයකට ඒමට සිදු වුයේ සෝයා අපනයනය යනු දුර්ලභ පස් තරම්ම බලවත් සාකච්චා මේසයේදී කේවල් කිරීමේ තවත් චිකල්පයක් බවට තහවුරු කරමිනි. චීනය බ්‍රසීලයෙන් පසු ආර්ජන්ටිනාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර එහි කෘෂිකාර්මික අපනයනවල විශාලතම ගැනුම්කරු වන අතර එරට යුරේනියම් නිධි, ගෑස්, තෙල්, ඩිජිටල් තාක්ෂණය ඇතුළු ආර්ථික සම්පත් සම්බන්ධයෙන් ද ඇමරිකාව සමග සීතල වෙළඳ යුද්ධයක ද නිරත වී සිටි.
එක්සත් ජනපදයට, දකුණු ඇමරිකාවේ චීනයේ බලපෑම සීමා කිරීම යනු ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයක් ද වේ. බීජිනය ලතින් ඇමරිකාවේ “සියලු පැතිවලින් ඇමරිකානු අවශ්‍යතාවලට පහර දෙමින්” සිටින බව එක්සත් ජනපද දක්ෂිණ අණදෙන ප්‍රධානී අද්මිරාල් ඇල්වින් හොල්සි පෙබරවාරි මාසයේදී කොංග්‍රසයට පැවසීය.
“ඔබට වෙළඳාම කළ හැකිය, නමුත් ඔබ නිසැකවම තවත් ඉදිරියට නොයා යුතුය. ඔබට නිසැකවම චීන හමුදාව සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතුය. එය සිදුවුවහොත්, මම ඉතා කලබල වනු ඇත,”
යයි ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි හට ඩොලර් බිලියන 20ක් ලබා දෙමින් පවසා සිටියේය.
2025 මැයි 13 වන දින, 4 වන Forum China-Celac (ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව) සංසදය බීජිං හිදී පැවැත්විණි. ජනාධිපති ෂී ජින් පිං විසින් මෙම කලාපීය සංවිධානයේ සැසිවාරය ලතින් ඇමරිකානු සාමාජික රටවල් 33 ක නියෝජිතයින් ඉදිරියේ විවෘත කරන ලද අතර, ජනාධිපතිවරුන් තිදෙනෙකු වන චිලී සඳහා ගේබ්‍රියෙල් බෝරික්, කොලොම්බියාව සඳහා ගුස්ටාවෝ පෙට්‍රෝ සහ බ්‍රසීලය සඳහා ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සහ විදේශ අමාත්‍යවරුන් 17 දෙනෙකු සහභාගී වූ මෙම රැස්වීමේදී දෙවන ලෝක බලවතා සහ ඇමරිකානු උප මහද්වීපයේ රටවල් අතර සහයෝගීතාවය සහ සංවාදය සඳහා මෙම අවකාශය නිර්මාණය කිරීමේ දසවන සංවත්සරය සනිටුහන් කළේය. චීනය බ්‍රසීලය, චිලී, උරුගුවේ සහ පේරු යන රටවල විශාලතම වෙළඳ හවුල්කරුවා වේ. චීනය සමඟ වෙළඳාම හි දී චිලී හි එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%) ලෙස ද, පේරු හි (7%) සහ බොලිවියාව තුල (6%) වන අතර ආර්ජන්ටිනාව තුල (4%) සහ බ්‍රසීලය (3%) සඳහා අඩු වැදගත්කමක් දරයි. චීනය සහ ලතින් ඇමරිකානු රටවල් අතර වෙළඳාම 2024 දී ඩොලර් බිලියන 518ක් වූ අතර 2035 වනවිට ඩොලර් බිලියන 700 දක්වා ළඟා වීමට නියමිතව ඇත. ලතින් ඇමරිකානු අපනයනවලින් 14%ක් චීනය විසින් ලබා ගන්නා අතර, චීනයෙන් ලතින් ඇමරිකානු රටවලට කරන ආනයනවල කොටස ලෙස 20%ක් ලෙස දැක්වේ.
ට්‍රම්ප් හා ජින්පින් හමුවේදී ඇමරිකාව හා චීනය අතර අත්සන් කිරීමට නියමිත වෙළඳ ගිවිසුමේදී මෙක්සිකෝව සහ කැනඩාව හරහා ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිතා කරන චීන අමුද්‍රව්‍ය ඇමරිකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් සහයෝගීතාවයක් ඇතුළත් වීමට ද නියමිතව ඇත. මෙම කෘත්‍රිම මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ෆෙන්ටැනයිල් නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය වන අතර මෙම මත්ද්‍රව්‍ය පරිහරණය හේතුවෙන් 2024 දී පමණක් එක්සත් ජනපදයේ අධික මාත්‍රාවෙන් සිදුවන මරණවලින් 60% ක් හෙවත් මරණ 48,000ක් වාර්තා වී ඇත.
වෙළඳාම ගිවිසුමට අමතරව, එක්සත් ජනපද සහ චීන ජනාධිපතිවරු දෙරට අතර දිගුකාලීන මතභේදයක් ලෙස පවතින තායිවානය පිළිබඳවද, යුක්රේනයේ සටන් විරාමයක් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නව ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති චීන සගයෙකු වන රුසියාව පිළිබඳව ද, ලෝක සාමය පිළිබඳව ද සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ඉරිදා ආරම්භ වූ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සමුළු වේදී තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාම ගිවිසුමක් ද අත්සන් කෙරුණු අතර ඔහුගේ ජපාන සංචාරයේදී අලුතින් තේරී පත් වූ අගමැතිනි Sanae Takaichiද හමුවනු ඇත. ටෝකියෝවේ මිලිටරි වියදම් වැඩි කිරීමට සහ ඩොලර් බිලියන 550 ක් පමණ ආයෝජනය කිරීමට ඇමරිකානු ඉලක්ක ගත සැලසුම් ඇය විසින් සනාථ කරනු ඇතැයි ද ට්‍රම්ප් අපේක්ෂා කරනු ලබයි.
එක් අතකින් ලෝකයේ ගැටුම් නිවාරණය කරමින් සාමය ස්ථාපිත කිරීමත්, තවත් අතකින් යුධ වියදම් වැඩි කරමින් යුධ ගිවිසුම් වලට අවතීර්ණ වෙමින් ද ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා ද පෙරුම් පිරිම අතිශයින් විවාදාත්මක බව ට්‍රම්ප්ගේ ආසියානු සංචාරය විග්‍රහ කරමින් දේශපාලන විශ්ලේෂකයින් මේ අතර පෙන්වා දේ. එසේම ඊශ්‍රාලයේ ගාසා මෙහෙයුම් සාධාරණය කරමින් හා තම රටට එල්ලවන ඇමරිකානු යුධ මෙහෙයුම් පවා අනුමත කරන වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකා María Corina Machado විසින් නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවා නම් නොබෙල් සාම ත්‍යාග ඉලක්කය ට්‍රම්ප් හට ලබා ගැනීම එතරම් අපහසු ඉලක්කයක් නොවන බවද ඔවුන් තව දුරටත් පෙන්වා foh










