අපරාදයකින් උත්පාදිත දේ විමර්ෂණ කොට්ඨාසය විවෘත කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ ප‍්‍රධානත්වයෙන් 2025/10/20 වන අද දින කොළඹ 01 පිහිටි පැරණි පොලිස් මූලස්ථානයේදී සිදු විය.
2025 අංක 05 දරණ අපරාදයකින් උත්පාදිත දේ පිළිබද පනත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එකී පනත, අපරාදයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සදහා විධි විධාන සැලැස්වීමටද, අපරාදයකින් උත්පාදිත දේ විමර්ෂණය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සදහා විධි විධාන සැලැස්වීම පිණිසද, තහනමට ගන්නා ලද අපරාදයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, සහ කළමණාකරණය කිරීම සඳහාද, අපරාදයකින් උත්පාදිත දේ කළමණාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවීම සඳහාද, අපරාදයකින් උත්පාදිත දේ අය කර ගැනීිමට අදාලව අන්තර් නියෝජ්‍යායතන සහයෝගීතාවය සම්බන්දයෙන් විධිවිධාන සැලැස්වීම පිණිසද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම පිණිසද වූ පනතකි.
එකී අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොලිසිය තුළ අපරාදයකින් උත්පාදිත දේ විමර්ෂණ කොට්ඨාසය පිහිටුවීම ඒ අනුව සිදු විය.
මෙහිදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල විසින් රැස්ව සිටි පිරිස අමතා මෙම නව කොට්ඨාසයේ වැදගත්කම පිළිබදව පැහැදිලි කරන ලදී.
විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාද හා මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අනීතික වශයෙන් උපයා ගන්නා ලද දේපල සම්බන්දයෙන් නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. තවදුරටත් මේ පනත පිළිබදව අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ මෙම පනත මගින් නෛතික බාධාවන්ට ලක් වන්නේ අනීතික වශයෙන් උපයා ගන්නා ලද දේපල පමණක් බවත් වර්තමානයේ පවත්නා නෛතික රාමුවට අනුකූලව නීත්‍යනුකූල ලෙස උපයා ගන්නා ලද දේපල මෙම පනතින් කිසිදු බලපෑමකට ලක් නොවන බවත් ය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය සහ ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.




















