ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකු නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රයේ ඇති CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
අදාළ සිදුවීම පසුබිම හේතු වී ඇත්තේ බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමේදී නීතිඥයෙකුගේ කාර් රථයක් ඊට හරස් වීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් පාදක කරගෙන පසුගිය 10වනදාය.
මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමග පැමිණි නීතිඥ ගුණරත්න වන්නිනායක එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර, රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන්ද පොලිසිය විසින්ද මේ වනවිට විර්මශනයක් ආරම්භ කර ඇත.
160









