මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (12) චීනයේ බීජිං වෙත පැමිණියාය.
චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන ඇමති Cao Shumin විසින් අගමැති මෙහිදී පිළිගනු ලැබිණි.
මෙම සංචාරයේ පළමු දින, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්විය.
යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය, චීනයේ සංරක්ෂිත සංකේත වේ.
ඉදිරි දිනවලදී, අගමැති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වන අතර චීන ජනාධිපති Xi Jinping සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අගමැති Li Qiang සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.














