රාජපක්ෂලාගේ ලෙඩේ රනිල්ට බෝ වෙලා – මොහාන් සමරනායකත් උස්සලා

රාජපක්ෂලාගේ ලෙඩේ රනිල්ට බෝ වෙලා – මොහාන් සමරනායකත් උස්සලා

එක්සත් ජාතික පක්ෂයේ 79 න සංවත්සරය වෙනුවෙන් පැවති කුඩා සැමරුමේ දී ඉදිරිපත් කළ වාර්තා වැඩ සටහන් පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු යැයි දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති.

එම වාර්තා වැඩ සටහන්වල දී මොහාන් සමරනායක, විමල් වීරවංශ ඇතුළු පිරිස ඉදිරිපත් කරන විදේශ කුමන්ත්‍රණ ප්‍රචාරය ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කර තිබීම කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කර ඇත. ගෝල්ෆේස් අරගලය ආදරණීය අරගලයක් නොව, එය පිටුපස මුළු රට පුරාම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් තිබුණේ යැයි එක් වාර්තා වැඩ සටහනක දී ප්‍රකාශ කර තිබේ.

මෙතෙක් කල් රාජපක්ෂ කඳවුර විසින් අත්කර ගෙන තිබූ විදේශ කුමන්ත්‍රණ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස ද ප්‍රතිරාවය කර තිබුණේ පහත දැක්වෙන අයුරිනි. “කොවිඩ්වලින් පසුව රට තුළ විදේශීය කුමන්ත්‍රණ, විවිධ දුෂ්ඨ බලවේග නානාවිධ වේෂයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන බව රාජ්‍ය තන්ත්‍රය දැන සිටියේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට එරෙහිව කලාපීය හා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් බලවත්ව තිබූ කුමන්ත්‍රණයේ අවලස්සන මුහුණු සමාජයේ තැන තැන දත කට විලිස්සන්නට පටන් ගත්තේ ය. එය ආදරණීය අරගලය ලෙස සමහරුන්ට තේරුම් ගිය ද කොළඹ තරු පහේ හෝටල්වල බුෆේ දමා අරගලකරුවන්ට කන්නට බොන්නට දී ආධාර අනුබල සැපයූ මේ කුමන්ත්‍රණය මුළු රට පුරාම ක්‍රියාත්මක විය.” ආදී වශයෙන් පිටපත රචනා කර තිබිණි. මොහාන් සමරනායක ප්‍රමුඛ පිරිසක් විසින් යළි යළිත් ප්‍රචාරය කරන මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලන ප්‍රචාරක අවියක් බවට පත් කර ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්