ලංකාවට Low Floor බස් රථ ගෙන්වීමට ලංසු කැඳවයි

ලංකාවට Low Floor බස් රථ ගෙන්වීමට ලංසු කැඳවයි

නගරවල පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා පතුල පහත් `Low Floor’ බස් රථ 100ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ප්‍රධාන නගරවල කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට මෙම බස්රථ යෙදවීමට නියමිත යැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් යෝජනා කැඳවමින්, නිල ලංසු කැඳවීමේ දැන්වීමක් (IFB) නිකුත් කර ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන අදියරේ පිහිටි අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය විසින් සිදු කරනු ලබන බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කරයි.

වැඩි විස්තර සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.transport.gov.lk වෙත පිවිසිය හැකි අතර, 0112 187 213 යන දුරකථන අංකයෙන්ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්