ශ්‍රී ලංකාවේ මහජන මුදල් රුපියල් කෝටි 180ක අධික මුදලක් ආර්ථිකය මුළුමනින් ම කඩා වැටෙමින් තිබූ ග්‍රීසියේ බැඳුම්කර මිල දී ගනිමින් සිදු කළ මූල්‍ය අපරාධය සම්බන්ධ චෝදනා ඔක්තෝබර් 10 වෙනි දින කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත කර තිබේ.
2012 වර්ෂයේ දී එම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් එවකට සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකු වග උත්තරකරුවන් ලෙසින් නම් කර සිටිති.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා ඇත. මෙයට පෙර අදාළ නඩුව අවස්ථා කිහිපයක දී කැඳවා තිබූ අතර, විභාග කිරීම කල් දමමින් වසර ගණනක් තිස්සේ ඇදී එමින් තිබේ.
Views: 0










